Monday, 21 June 2010

Office එක



පිටත අංශක 30ට රස්නෙයි

ඇතුල අංශක 10ට සීතයි...

සඳුදාවට සැවොම වැලපෙයි

සිකුරාදවට සැවොම සිනාසෙයි...

හැමදාම එකම අඳෝනාව

මොන දේටත් වැරදි බොසාය...

වරදක් නැතත් හැමට වැරදිකරු ඔහුමය...

පව් අහිංසකයා...

විවේකයට කනක් ඇහෙන්න නැත

අරක හොඳ නෑ... මේක හොඳ නෑ...

මට සීතලයි, මට රස්නෙයි

මට බඩගිනී, කැන්ටිමේ කෑම හරි නැහැ

අනේ මට ගෙදර යන්න තියෙනවනම්...

පඩි දවසට නම් කිසි අමාරුවක් නෑ

බොසත් හොඳය, වැඩත් හොඳය,

OFFICE එකත් හරිම හොඳය...

~kushi~

Friday, 18 June 2010

ඉටි පන්දම් එලියෙන් ලියමි...




















ජගත් වික්‍රමසින්හයන්ගේ රන් තාරකවන් දිලෙන රැයේ සේපාලිකා මල් පිපෙන රැයෙ වාදනය වෙනව...

ඇස් වලින් කඳුලු කැට නතර වෙන්නෙ නැතුව වැටෙනවා...
ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්... තෙරුම් ගන්න හරිම අමාරුයි...
වෙලාවකට අඬනව, වෙලාවකට හිනා වෙනවා...
එකම චක්‍රයක්...
බුදු රජානන් වහන්සෙ දේශනා කරල තියෙන විදියට "ඇලීම දුකක්" කියන දේ මිනිස්සුන්ට තේරුම් ගන්න ගොඩාක් කල් යනව...
ඒත් ආදරේ කරන්න පටන් ගද්දි කවුරුත් ඒ ගැන හිතන්නෙ නෑනේ...
ආදරේ කරනව, විඳවනව...
ආදරේ කියන්නෙ වින්දින්න ඕනෙ දෙයක්... එහෙම නැතුව විඳවන දෙයක් නෙමේ...අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි...ඉතින් ජීවිතේ රස විඳින්න... විඳවන්න එපා...
අන්තිමට මම කිසිම ගැලපීමක් නැති දෙයක් ලියල...
නවතිමි...



~kushi~

Thursday, 17 June 2010

කැලෑ මල 2




කැලෑ මල ගොඩක් සතුටෙන්…

එයාට හිතෙන්නෙ එයා මේ ලෝකෙ ඉන්න ලස්සනම මල කියල…

.. පුංචි සමනලයගෙ ආදරේ නිසා…

සමහරක් සමනල්ලු පුංචි මල් වලින් රොන් අරගෙන ඒ මල් තනිකරල දාල යනව…

එතකොට ඒ මල් පරවෙනවා…

ඒත් පුංචි සමනලය, කැලෑ මල කවදාවත්ම තනි කරන්නෙ නෑ කියල, කැලෑ මල දන්නව…

~kushi~

යලි හමු වන තුරු...





එකම ඉර යට එකම සඳ යට ලොවේ දෙතනක තනි වෙලා


බලා සිටින්නෙමි එකම ඉරක් යට එකම තැනක දිවි ගෙවෙන තුරා


කදුලු කැට සිය දහස් ගනනක් දෑස තනි කර ගලා ගියා


සිනා කවට කෙලි සොන්දුරු මතකයන් අද මා තනි කර දමා ගියා


විසිරුනු සිතුවිලි එක් තැන් කරගෙන හදා ගතිමි සිත වැරෙන් දමා


කවදා හෝ යලි එක් තැන් වන්නට පතන්නෙමි මුලු හදින් පුරා…



~kushi~