Thursday, 29 July 2010

මගේ බන


ඇයි අපි හැමෝම අනාගතේට බය? වර්ථමානයෙ ජීවත් වෙන අපි, ඇයි අනාගතෙ ගැන හිත හිත බයෙන් ජීවත් වෙන්නෙ?
මම ඉස්සර මගෙ අනාගතෙ මොන වගේ වෙයිද කිය කියා බයෙන් ජීවත් වුනා… ගොඩාක් වෙලාවට ඇඬුව, හැමදේම අවුල් කරගත්ත… එත් කාලෙත් එක්ක, අත්දැකීම් එක්ක මං හිතන පතන විදිය වෙනස් උනා… මන් දැන් අනාගතෙ ගැන හිතල දුක් වෙන්නෙවත්, බය වෙන්නෙ වත් නෑ… මං ජීවත් වෙන්නෙ වර්ථමානෙ… ඉස්සර ජීවත් උන විදිය මතක් වෙද්දි මටම හිනා යනව. අපි මොන තරම් ගින්දරක් උඩද ජීවත් වෙන්නෙ… දැනුවත්ව හෝ නොදැනුවත්ව….
දැන් මම ජීවත් වෙන්නෙ වර්ථමානෙ… එත් එහෙම කියල අනාගතෙ ගැන හිතන්නෙ නැතුවම නෙමේ… අනාගතෙ ගැන හිතනව… හබැයි, මට මෙහෙම වෙයිද, අර විදියට වෙයිද, මෙහෙම උනොත් මට මොන වෙයිද කිය කියා දුක් වෙන්නෙ නම් නෑ… කිසිම තේරුමක් නැති දෙයක්නෙ….
අනාගතෙ ගැන වගෙම අතීතය ගැන හිතන එකෙත් තේරුමක් නෑ… ගිය දේ ගියාවෙ කියල හිත හදාගෙන ඉන්න එක තමයි හොඳම දේ… මොකද දෙයක් උනාට පස්සෙ එක ආපහු හදන්නද? බෑනෙ… අපි ඒ ලබා ගත්ත, හොඳ නරක අත්දැකීම් වලින්, ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්… එ දේවල් පාවිච්චි කරල අපිට ජීවිතෙ ලස්සනට හදාගන්න පුලුවන්… අතීතයෙ කරපු දේවල් ගැන හිත හිතා දුක් වෙන එක කිසිම තේරුමක් නැහැ.. ඒ වැරදි ආපහු නොකර ඉන්න එක නම් තේරුමක් ඇති වැඩක්...
මම නම් අඩුම තරමෙ උත්සහ කරනවා හරියට ජීවත් වෙන්න :)
ප්‍රශ්නෙ තියෙන්නෙ, මම අනාගතෙ ගැන හරි අතීතය ගැන හරි හිතල බය වෙන්නෙ නැති උනත්, මගෙ අම්මි, යාලුවො, නෑදෑයො මං ගැන බය වෙන එකනෙ… මං දන්නව ඒ හමෝම මට ගොඩක් ආදරේ නිසා එහෙම කරන්නෙ… එත් එක වැරදි නේද??? මං මොන හරි දෙයක් කරන්න ගියොත්, එහෙම කරන්න එපා… ඕක කලොත් මෙහෙම වෙයි…. ඔන්න ඔහොම තමයි අපේ කට්ටිය පටන් ගන්නෙ :D ඉතින් මට කවදාවත් අලුත් අත්දැකීමක් ලබා ගන්න බැහැ…
අන්තිමට එගොල්ලො මගෙ අනාගතෙ ගැන බයෙන් ජීවත් වෙනව, මාවත් බය කරනව….
මට ඕනෙ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න… අපි කවද, කොයි වෙලාවෙ, කොතන මැරෙයිද කියල කියන්න දන්නෙ නෑ…. ඉතින් ජීවත් වෙන ටිකේ සතුටෙන් ඉන්න ඕනෙ නේද?? අපි ඉතින් මේ හැම දෙයක්ම කරන්නෙ මේ ආශ්වාස ප්‍රශ්වාස කරන හුස්ම ටික යනකන්නෙ... ඔය කතාව කවුරුත් තෙරුම් ගන්නෙ නැති එකයි ප්‍රශ්නෙ….
බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන ධර්මය අනුව ජීවත් වෙනව නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ… එත් අපි කවුරුත් ඒක කරන්නෙ නෑ… බන කියන්න නම් ගොඩක් අය ඉන්නව එත් අනිත් අයට බන කිය කියා තමන් වැරදි පාරෙ යනවා අනේ මන්දා….
මං මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි… මේ ලෝකෙ විවිදාකාර මිනිස්සු ඉන්නෙ… මං කැමති අපි හමොම ගොඩක් සතුටෙන් ඉන්නව නම්…
ගහ මරා ගන්නෙ නතුව, හැමෝටම ආදරෙන් කරුනාවෙන් ඉන්න පුලුවන්නම්…. හ්ම්ම්ම්....
ඒත් මට අනිත් අයව හදන්න බෑ.. කවදාවත් කරන්න බැරි දෙයක් ඒක.. ඒ නිසා මං හැදෙනවා… මං හරියට ජීවත් වෙනව.. අපි ජීවත් වෙලා තියෙන රටාව වෙනස් කරන්න ගොඩක් අමාරුයි… එත් උත්සහවන්තයා ජය ගනි කියල කතාවක් තියෙනවනෙ…
ඉතින් අලුත් විදියකට ජීවත් වෙන්න උත්සහ කරන්න… බුදුහාමුදුරුවන්ගෙ දහමට අනුව ජීවත් උනොත් අපේ ජීවිත ගොඩක් ලස්සන වෙයි…
බුදුසරණයි…

~kushi~

No comments:

Post a Comment