Monday, 26 July 2010

තරු කුමරු



සඳ දෙවිඳුගෙ එළිය වැටුන
පුංචිම මල් පොහොට්ටුවක්
ඉකිබිඳිමින් කඳුළු සලන
දුටුවා එක තරු කුමරෙක්

තරු කුමරුගෙ හිත උණු වී
වැඩියා මේ මිහි තලයට
පුංචි මලට හෙමින් ලන්ව
ඇසුවා ඇගෙ තොරතුරු හැම

මල කීවා ඇගෙ කතාව
ඉකිබිඳිමින් නොනැවතීම
තරු කුමරුගෙ දෑස් වලින්
උණු කඳුළැලි ගලනකන්ම

සඳ දෙවිඳුව කෝප නොකර
යා යුතු ඔහු අහස් ගැබට
එනුමුත් බැහ මල අතහැර
දමා යන්න මෙහි තනිකර

හිරු කුමරිය වඩින මොහොතෙ
සඳ දෙවිඳුන් පහත බලන
දුටුවා මේ තරු කුමරුන්
පෙම් බැඳ ඇති පුංචි මලට

හිරු කුමරිගෙ ආදරයෙන්
සඳ දෙවිඳුගෙ සිත නිවුනා
පුංචි මලට තනියක් නෑ
තරු කුමරුන් ලඟ රැඳුනා

හිරු හා සඳු ආසිරි මැද
මල අයිතිය තරු ගත්තා
තරු කුමරුගෙ ආදරයෙන්
පුංචි මලේ හිත පිරුනා

~kushi~

No comments:

Post a Comment