Friday, 18 June 2010

ඉටි පන්දම් එලියෙන් ලියමි...




















ජගත් වික්‍රමසින්හයන්ගේ රන් තාරකවන් දිලෙන රැයේ සේපාලිකා මල් පිපෙන රැයෙ වාදනය වෙනව...

ඇස් වලින් කඳුලු කැට නතර වෙන්නෙ නැතුව වැටෙනවා...
ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්... තෙරුම් ගන්න හරිම අමාරුයි...
වෙලාවකට අඬනව, වෙලාවකට හිනා වෙනවා...
එකම චක්‍රයක්...
බුදු රජානන් වහන්සෙ දේශනා කරල තියෙන විදියට "ඇලීම දුකක්" කියන දේ මිනිස්සුන්ට තේරුම් ගන්න ගොඩාක් කල් යනව...
ඒත් ආදරේ කරන්න පටන් ගද්දි කවුරුත් ඒ ගැන හිතන්නෙ නෑනේ...
ආදරේ කරනව, විඳවනව...
ආදරේ කියන්නෙ වින්දින්න ඕනෙ දෙයක්... එහෙම නැතුව විඳවන දෙයක් නෙමේ...අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි...ඉතින් ජීවිතේ රස විඳින්න... විඳවන්න එපා...
අන්තිමට මම කිසිම ගැලපීමක් නැති දෙයක් ලියල...
නවතිමි...



~kushi~

1 comment:

  1. ඇත්තටම ජීවිතේ කියන්නේ විදින්න ඕනේ දෙයක් උනාට අපි ගොඩ දෙනෙක් කරන්නේ මේක විදෝන එකනේ...මේ මාත් ඇතුලුව

    ReplyDelete