Monday, 25 November 2013

විහිළුව

අමනාපෙන් ඉන්නා නුඹෙ වත සෝබා...
රතු වුන මුහුන අබ දැම්මත් පිපිරෙනවා...
විහිළු වලට ඇස් රතු වනු නොම දන්නා...
විහිළු කරපු මේ මෝඩිට දෙන්න සමා...
~kushi~

Thursday, 21 November 2013

නූල් බෝලය

ජීවිතේ හරියට පැටලුන නූල් බෝලයක් වගේ...
පටන්ගැන්මයි, කෙලවරයි හොයාගන්න බැහැ
ජීවත් වෙන්න ජීවත් වෙන්න තවත් පැටලෙනව...
ඒ අතරෙ, කාලෙන් කාලෙට වෙනත් පැටලුනු නූල් බෝල එකතු වෙනව…
කොහෙවත් ඉඳල එකතු වෙච්ච ඒ නූල් බෝල මේ නූල් බෝලෙ එක්ක එකතු වෙලා තවත් පැටලෙනව..
ඒ සමහර නූල් බෝල වල පැටලුම් මේ නූල් බොලෙ පැටලුම් වලට වඩා වැඩි..
කොනක ඉඳන් ලිහාගන්න උත්සහ කරද්දි අනිත් නූල් බෝල එකතු වෙලා මේ බෝලෙ තවත් අවුල් කරනව..
නූල් බෝලෙ දිරල යනකම්ම, මේ පැටලුම ලිහාගන්න බැරි පාටයි…
~kushi~