LIFE as i know it - ජීවිතය මම දන්නා ආකාරයෙන්
හැඟීම්, වචන වලට පෙරලන්න දරන පුංචි උත්සහයක්...
Sunday, 14 December 2014
සංකීර්ණ මිනිසා
සරලව ගෙවූ මගේ ජීවිතය
නුඹ ආ දා පටන් සංකීර්ණ වුනේ
අපි අතරේ තියෙන නොගැලපීම් නිසාම නෙමේ,
නුඹ සංකීර්ණ පුද්ගලයෙක් නිසා...
~kushi~
Thursday, 6 November 2014
Sleeping Volcano
A heart that always melt,
is like a volcano that sleeps
It can explode at any time
So don’t ever misuse a person
with that kind of a heart…
~Kushi~
Monday, 3 November 2014
Good Listener
I was a good listener
until
my brain was filled with other’s shit
and then
I quit listening…
~Kushi~
Wednesday, 1 October 2014
අවසරද?
ගතත් රිදුනා
සිතත් රිදුනා
ඇසුත් රිදුනා
රැයක් ගෙවුනා
දිනක් ගෙවුනා
සතිත් ගෙවුනා
නුඹ කොතන
මා කොතන
තවම අප එතනමද?
නෑ නේද?
අප දුරය
ඉතින් වෙන්වී යන්න
දැන්වත් අවසරද මට?
~Kushi~
Thursday, 19 June 2014
වසුරු ගොඩ
අතීතය වියළුණු වසුරු ගොඩක් වැනිය...
ඇවිස්සුනු විට ගඳය
විටෙන් විට පහුරු නොගා
සදාකාලිකව වළලා දැමීම නුවණට හුරුය...
Past is like a dried piece of shit…
if you arouse it, it will stink!
So it’s better to bury it forever… ;)
~kushi~
Sunday, 15 June 2014
ප්‍රථම ප්‍රේමය
නුඹට
මට
කිසිදා
අමතක
නොවන
උත්සහ
කලත්
මකන්නට
නොහැකි
හදවත් පවුරේ
Marker පෑනෙන්
ලියු
ඒ සුන්දර
කවිය
ප්‍රථම
ප්‍රේමය
~kushi~
Friday, 9 May 2014
කැලෑ මල 5
පුංචි කැලෑ මල ගොඩක් වෙනස් වෙලා… කැලෑ මලේ පාටත් වෙනස් වෙලා,
පාටින් පාටට බැබලුනු කැලෑ මල ඇයි මේ අඳුරු වෙලා...
සුලඟත් එක්ක නට නට සින්දු කිය කිය හිටපු පුංචි මල් කැකුලට මොකද මේ උනෙ?
මොකද්ද මෙ වෙනසට හේතුව???
සමනලයො? ඔයාද මේ වෙනසට හේතුව? ඔයා නිසාද කැලෑ මල මෙහෙම වෙනස් උනේ???
කැලෑ මලට ආදරෙ කරන්න පටන් ගද්දිම කිව්ව නේද ඒ මලට කවදාවත් පරවෙන්න දෙන්න එපා කියල??? ඉතින් ඇයි මෙහෙම උනේ???
~kushi~
Thursday, 6 February 2014
ආදරය
ආදරය
මායවකි
දුකකි
සතුටකි
වදයකි
කරදරයකි
සැනසුමකි
~kushi~
Thursday, 30 January 2014
මගේ හිත
සතර අත දිව ඇදුන
මේ මහා විශ්වයේ
මා නිදන් කර තබමි
රහසක්ව හැම කලක
කිසිවකුත් නොදන්නා
නුඹේ හිත
මගේ හිත
සිතක් නැහ කියන්නට
මා නුඹට පෙම් කල බවක්
මේ ලොවට
කිසිඳු කල, කිසිඳු විට
නුඹ පතන්නට
නොහිමි මට
හිනා වෙවි ලොවම...
2008/05/28 (මගේ සිතුවිලි මේ තරම් හැඩ කලේ මගේ යෙහෙලිය..)
~Kushi~
Wednesday, 22 January 2014
මගේ නොවන
මට මගේ නොවන
කවුරුත් නොදන්න
කවුරුත් නොදැක්ක
සංකීර්න නමුත් පිරිසිදු වු
පෙමක් නමුත් තහනම් වු
අහිමි උන නමුත් මතක පමනක් ඉතුරු වුන
මගේම ආදරයක් තිබුනා…
~Kushi~
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)