Thursday, 30 January 2014

මගේ හිත

සතර අත දිව ඇදුන
මේ මහා විශ්වයේ
මා නිදන් කර තබමි
රහසක්ව හැම කලක
කිසිවකුත් නොදන්නා
නුඹේ හිත
මගේ හිත
සිතක් නැහ කියන්නට
මා නුඹට පෙම් කල බවක්
මේ ලොවට
කිසිඳු කල, කිසිඳු විට
නුඹ පතන්නට
නොහිමි මට
හිනා වෙවි ලොවම...
2008/05/28 (මගේ සිතුවිලි මේ තරම් හැඩ කලේ මගේ යෙහෙලිය..)
~Kushi~

Wednesday, 22 January 2014

මගේ නොවන

මට මගේ නොවන
කවුරුත් නොදන්න
කවුරුත් නොදැක්ක
සංකීර්න නමුත් පිරිසිදු වු
පෙමක් නමුත් තහනම් වු
අහිමි උන නමුත් මතක පමනක් ඉතුරු වුන
මගේම ආදරයක් තිබුනා…
~Kushi~