Friday, 14 January 2011

පොඩ්ඩක් හිතන්න...



අද උදේම මගෙ යාළුවෙක් මට ලස්සන ඊ-මේල් එකක් එවල තිබුනා. මහා ගැඹුරු තේරුමක් තියෙන ලස්සන කතාවක්... මං මගේ භාශාවෙන් එ කතාව කියන්නම්...
ඔන්න එක ඉස්පිරිතාලෙක කාමරේක හිටියලු වයසක ලෙඩ වෙච්ච සීයලා දෙන්නෙක්. එක සීයා කෙනෙක් කාමරේ ජනෙලෙ ලඟ තියෙන ඇඳේ නිදාගන්නෙ, අනිත් කෙනා දොර ලඟ. දොර ලඟ ඉන්න සීයට නැගිටින්න බෑ. එයා මුළු දවසම ඇඳට වෙලා ඉන්න ඕනෙ. අනිත් සීයට දවල් වරුවෙ එක පැයක් නැගිටල ඉන්න පුළුවන්, ඒකත් එයාගෙ පෙනහළුවල තියෙන වතුර බහින්න ඕනෙ නිසා.


ඉතින් මේ දෙන්නා ඇඳටම වෙලා ඉන්න නිසා, වෙන කරන්න දේකුත් නැති නිසා, දෙන්නට දෙන්න තමන්ගෙ ගෙවල් වල විස්තර හුවමාරු කරගත්තලු.එගොල්ලොන්ගෙ දරු මුනුබුරන් ගැන, බිරින්දන් ගැන, රැකියාවන් ගැන, තව එගොල්ලො ගියපු ගමන් බිමන් වගෙ දෙවල් ගැන...


ඔහොම කාලෙ ගත වෙලා යනකොට, අර ජනේලෙ ලඟ ඉන්න සීයා එයාට ජනේලෙන් පේන දේවල් අනිත් සීයට විස්තර කරන්න පටන් ගත්තා. අනිත් සීයට නැගිටින්න බෑනෙ. ඉතින් එයා හැමදාම එයාට ජනේලෙන් පේන දේවල් ලස්සනට විස්තර කලා. "මට ජෙනේලෙන් බලද්දි කෙලින්ම පේන්නෙ ලස්සන පුංචි වැවක් ලඟ තියෙන මල් වත්තක්... ඒ වැවේ ලස්සන හංසයෝ, තාරාවො පීනනවා... පුංචි ලමයි වගයක් වැව අයිනෙ ඉඳන් ඒ තාරාවොන්ට පාන් කෑලි කඩලා කන්න දානවා... හරිම ලස්සනයි... මල් වත්තේ හැම තැනම ලස්සන , පාට පාට මල් පිපිලා... තරුන කෙල්ලො කොල්ලො අත් අල්ලන් ඒ මල් අතරෙන් ඇවිදිනවා... " ඔය විදිටියට සීයා හැමදෙයක්ම ලස්සනට විස්තර කරද්දි, අනිත් සීයා ඒ හැම දෙයක්ම හිතින් මවාගෙන රස විඳිනවා...


ඉතින් කොහොම හරි අව්ව තදින් පායලා තියෙන දවල් වරුවක, ආයෙත් ජනේලෙ ලඟ ඉන්න සීයා එයාට ජනේලෙන් පේන දේවල් අනිත් සීයට විස්තර කරන්න පටන් ගත්තා. "මට අද පාරෙ යන යුධ පෙළපාලියක් පේනවා"


අනිත් සීයට යුධ පෙළපාලියක සද්දයක් ඇහුනෙ නැතත්, එයා ඒක හිතින් මවාගත්තා...




ඔය විදියට දවස්, සති, මාස ගෙවිලා ගියා... දවසක් උදේ මේ සීයලා දෙන්නව බලාගන්න හෙදිය කාමරේට ආවම එයා දැක්ක, අර ජනේලෙ ලඟ හිටපු සීයා මේ ලෝකෙන් සදහටම සමු අරගෙන කියලා...


එයාට ගොඩාක් දුක හිතුනා... පස්සෙ එයා ඉස්පිරිතාලෙ ඉන්න සේවකයන්ට ඒ ගැන දැනුම් දීල, ඒ සීයගෙ මල කඳ එතනින් අයින් කරන්න කියල දනුම් දුන්නා.


මේ හැමදෙයක් දිහා දුකෙන් බලාගෙන හිටපු අනිත් සීය හෙදියට කිව්වා " කරුනා කරලා මගේ ඇඳ ඔය ජනේලෙ ගාවට දාල දෙන්න" ඉතින් හෙදියත් ඒ කියපු විදියටම සීයට ඇඳ හදල දීලා එතනින යන්න ගියා...ටික වෙලාවකට පස්සේ මේ සීයට එයාගෙ යාලුවා විස්තර කරපු ජනේලෙන් පේන සුන්දර ලෝකෙ බලන්න ඕනෙ උනා... ඉතින් එයා හිමීට, අමාරුවෙන් නැගිටල කොහොම හරි ජනේලෙ ලඟ හිටගෙන එළිය බැලුව... එත් පුදුමෙකට එයාට ජනේලෙන් පෙනුනෙ හිස් තාප්පයක් විතරයි... සීයට මේ කිසි දෙයක් තෙරුම් ගන්න බැරි වුනා... එයා හෙදියට කතා කලා... හෙදියගෙන් ඇහුවා "මට මගේ යාලුවා එයා මේ ජනේලෙන් පේන ලස්සන දේවල් විස්තර කලා, ඒ කොහොමද? එයා කොහෙන්ද එහෙම දේවල් දැක්කෙ??? "


හෙදිය ජනේලෙ දිහා බලාගෙන උත්තර දුන්නා, " අනේ සීයේ, ඒ සීය අන්දයිනෙ, එයාට අඩුම තරමෙන් මේ තාප්පෙවත් පෙනුනෙ නෑ... ඔයාව සතුටු කරන්න, ඔයාගේ හිත හදන්න ඒ හැම දෙයක්ම එයා හිතෙන් මවාගෙන ඔයාට විස්තර කරන්න ඇත්තෙ"...


epilogue :- "තමන්ගේ දුක අමතක කරලා තවත් කෙනෙක් සතුටු කරන එක ලොකුම සතුටයි"




දුක බෙදාගත්තම දුක අඩුවෙන් දැනෙන්නෙ... සතුට බෙදාගත්තම, සතුට දෙගුන වෙලා දැනෙනවා... ඔයාට ඔයා පොහොසතෙක් කියලා දැනෙන්න ඕනෙ නම්... ඔයා ලඟ තියෙන, සල්ලි වලට ගන්න බැරි දේවල් කොච්චරක් තියනවද කියල ගනන් කරල බලන්න.... : )


මම නම් ගොඩාක් පොහොසත්... :)

~kushi~

No comments:

Post a Comment