Monday, 12 December 2011

ජීවිතෙයි මැටි මුට්ටියයි





ජීවිතේ කියන්නෙ හරියට කිරි වලිනුයි, ගොම වලිනුයි පිරිලා ඉතිරිල ගියපු මැටි මුට්ටියක් වගේ
~Kushi~

Monday, 21 November 2011

වංශෙ


මගේ ඈයො නුඹේ ඈයොන්ට වඩා දෙවෙනි උනේ සල්ලි භාගෙන් විතරයි...
~kushi~

Wednesday, 16 November 2011

බාඳුරා මල





ඇය ඒ බාඳුරා මලේ තවත් එක අහිංසක ගොදුරක් පමනක්ම විය



~kushi~

Wednesday, 12 October 2011

ජීවත් වෙනවද? මැරෙනවද?


ජීවත් උනත් එකයි, නැතත් එකයි අතර ජීවත් වෙන එක ඔක්කොටම වඩා අමාරුයි...

~kushi~

Thursday, 29 September 2011

පුංචි කෙල්ල

පුංචි කෙලි පොඩිත්ත...
කොන්ඩ කරල් දෙකට බැඳන්
මල් මල් ගව්ම ඇඳන්
සතුට බෙදන්නද මේ පාන්දරම එලියට බැස්සෙ?
කඳුලු අතරින් හිනා වෙන්න කව්ද කියල දුන්නෙ?
උදේ පාන්දර ඔය හිනාව දැක්කත් ඇති, බඩ පිරෙනවා
ඒත් නුඹෙ හිනාව ඇතුලෙ පිරිල තියෙන දුක දන්නවනම්
හැමෝම නුඹ එක්ක අඬාවි...

~kushi~

Monday, 29 August 2011

තනිය



සඳේ තනිය තරු රැක්කා
මලේ තනිය බිඟු රැක්කා
මගේ තනිය ඔහු රැක්කා
ඔහුගෙ තනිය ඇය රැක්කා

~kushi~

Saturday, 14 May 2011

කාලකණ්ණියා


දන්නවද? උඹ මහ කාලකණ්ණි ගෑණියෙක්... උඹෙ වැඩේ ඉපදුන දවසෙ ඉඳන් අඬන එක... ඒත් උඹ තාම ජීවත් වෙනවා... ඇයි ඒ? ඇයි උඹ අඬ අඬ ජීව්ත් වෙන්නෙ?
මොකක්? අනිත් අය වෙනුවෙන්??? හ.. හා හා.. ඒක මහ විහිළුවක්නෙ... උඹ මහ පුදුම ගැහැණියක්... ඔව් හරිම පුදුම ගැහැණියක්...
(කණ්ණාඩියෙ ප්‍රතිරූපය මට එහෙම කිව්වා...)

~kushi~

Tuesday, 26 April 2011

මට පුලුවන්නම්



මේ ලෝකෙ දුකෙන් ඉන්න හැමෝවම මට සතුටු කරන්න පුලුවන්නම්… හරියට අර සුවඳ බෙදන පොලියානා වගෙ….
තව කෙනෙක් අඬනව දකිද්දි මට ඇඬෙන්නෙ, මං සංවේදි නිසා විතරක්ම නෙමේ… දුක කියන දේ මටත් හුරු පුරුදු දෙයක් නිසා…
කාන්තරෙ පොහොසත් සුද්දන්ගෙ ගෙවල් වල, දැලි වලන් හෝදන, කුනු බැනුම් අහන, කැත හිත් තියෙන පිරිමින්ගෙ ආශාවල් වලට යට වෙලා දුක් විඳින ගැහැනුන්ට පිහිටක් වෙන්න මට පුලුවන්නම්…
ඇස් ඇරපු දා ඉඳන්, අම්මෙක් අප්පෙක් නැති, ඉන්න හිටින්න තැනක් නැති, කන්න බොන්න විදියක් නැති, පුංචි අසරන පැටවුන්ට සරනක් වෙන්න මට පුලුවන්නම්…
රෑ දවල් නොබල, ඇස් ඉදිමෙනකන්, ඉඳිකටු වලට හිල් වෙලා ඇඟිලි තුඩු වල ලේ ගලනකන්, ජුකි මැශින් අතරෙ හිර වෙලා ඉන්න කෙල්ලන්ගෙ සුන්දර, අහින්සක හීන හැබෑ කරන්න මට පුලුවන්නම්…
ලේ කිරි කරල බොන්න දීල, දහ දුක් විඳලා දරුවො හදල, අන්තිමට මහළු නිවාසේ හිර කාරයො වෙලා ඉන්න ඒ අසරන අම්මගෙ, තාත්තගෙ තනිය මකන්න මට පුලුවන්නම්...


~kushi~

Monday, 14 March 2011

කැලෑ මල 4





පුංචි කැලෑ මල තැලිල පොඩි වෙලා ගිහින්… අනේ කැලෑ මල හරිම දුකෙන්, පුංචි සමනලයෙක්ට මෙච්චර නපුරු වෙන්න පුලුවන්ද? හරියට ලොකු කුනාටුවක් වගේ.. කැලෑ මලට අදහගන්නවත් බෑ… එයාට මේ කිසි දෙයක් දරාගන්න බෑ…



එත් ඒ හැමදේටම වඩා කැලෑ මලගෙ හිතෙ, සමනලයට තියෙන ආදරේ ගොඩක් වැඩි, කැලෑ මල කොච්චර දුක් උනත් එයා කවදාවත් සමනලය එක්ක තරහ වෙන්නෙ නෑ, හැමදේම දරාගෙන හැමදාම වගෙ හිනා වෙල ඉන්නව.. එයාගෙ හිතේ සමනලයට තියෙන ආදරෙ අඩු වෙන්නෙත් නෑ…



~kushi~

Friday, 14 January 2011

පොඩ්ඩක් හිතන්න...



අද උදේම මගෙ යාළුවෙක් මට ලස්සන ඊ-මේල් එකක් එවල තිබුනා. මහා ගැඹුරු තේරුමක් තියෙන ලස්සන කතාවක්... මං මගේ භාශාවෙන් එ කතාව කියන්නම්...
ඔන්න එක ඉස්පිරිතාලෙක කාමරේක හිටියලු වයසක ලෙඩ වෙච්ච සීයලා දෙන්නෙක්. එක සීයා කෙනෙක් කාමරේ ජනෙලෙ ලඟ තියෙන ඇඳේ නිදාගන්නෙ, අනිත් කෙනා දොර ලඟ. දොර ලඟ ඉන්න සීයට නැගිටින්න බෑ. එයා මුළු දවසම ඇඳට වෙලා ඉන්න ඕනෙ. අනිත් සීයට දවල් වරුවෙ එක පැයක් නැගිටල ඉන්න පුළුවන්, ඒකත් එයාගෙ පෙනහළුවල තියෙන වතුර බහින්න ඕනෙ නිසා.


ඉතින් මේ දෙන්නා ඇඳටම වෙලා ඉන්න නිසා, වෙන කරන්න දේකුත් නැති නිසා, දෙන්නට දෙන්න තමන්ගෙ ගෙවල් වල විස්තර හුවමාරු කරගත්තලු.එගොල්ලොන්ගෙ දරු මුනුබුරන් ගැන, බිරින්දන් ගැන, රැකියාවන් ගැන, තව එගොල්ලො ගියපු ගමන් බිමන් වගෙ දෙවල් ගැන...


ඔහොම කාලෙ ගත වෙලා යනකොට, අර ජනේලෙ ලඟ ඉන්න සීයා එයාට ජනේලෙන් පේන දේවල් අනිත් සීයට විස්තර කරන්න පටන් ගත්තා. අනිත් සීයට නැගිටින්න බෑනෙ. ඉතින් එයා හැමදාම එයාට ජනේලෙන් පේන දේවල් ලස්සනට විස්තර කලා. "මට ජෙනේලෙන් බලද්දි කෙලින්ම පේන්නෙ ලස්සන පුංචි වැවක් ලඟ තියෙන මල් වත්තක්... ඒ වැවේ ලස්සන හංසයෝ, තාරාවො පීනනවා... පුංචි ලමයි වගයක් වැව අයිනෙ ඉඳන් ඒ තාරාවොන්ට පාන් කෑලි කඩලා කන්න දානවා... හරිම ලස්සනයි... මල් වත්තේ හැම තැනම ලස්සන , පාට පාට මල් පිපිලා... තරුන කෙල්ලො කොල්ලො අත් අල්ලන් ඒ මල් අතරෙන් ඇවිදිනවා... " ඔය විදිටියට සීයා හැමදෙයක්ම ලස්සනට විස්තර කරද්දි, අනිත් සීයා ඒ හැම දෙයක්ම හිතින් මවාගෙන රස විඳිනවා...


ඉතින් කොහොම හරි අව්ව තදින් පායලා තියෙන දවල් වරුවක, ආයෙත් ජනේලෙ ලඟ ඉන්න සීයා එයාට ජනේලෙන් පේන දේවල් අනිත් සීයට විස්තර කරන්න පටන් ගත්තා. "මට අද පාරෙ යන යුධ පෙළපාලියක් පේනවා"


අනිත් සීයට යුධ පෙළපාලියක සද්දයක් ඇහුනෙ නැතත්, එයා ඒක හිතින් මවාගත්තා...




ඔය විදියට දවස්, සති, මාස ගෙවිලා ගියා... දවසක් උදේ මේ සීයලා දෙන්නව බලාගන්න හෙදිය කාමරේට ආවම එයා දැක්ක, අර ජනේලෙ ලඟ හිටපු සීයා මේ ලෝකෙන් සදහටම සමු අරගෙන කියලා...


එයාට ගොඩාක් දුක හිතුනා... පස්සෙ එයා ඉස්පිරිතාලෙ ඉන්න සේවකයන්ට ඒ ගැන දැනුම් දීල, ඒ සීයගෙ මල කඳ එතනින් අයින් කරන්න කියල දනුම් දුන්නා.


මේ හැමදෙයක් දිහා දුකෙන් බලාගෙන හිටපු අනිත් සීය හෙදියට කිව්වා " කරුනා කරලා මගේ ඇඳ ඔය ජනේලෙ ගාවට දාල දෙන්න" ඉතින් හෙදියත් ඒ කියපු විදියටම සීයට ඇඳ හදල දීලා එතනින යන්න ගියා...ටික වෙලාවකට පස්සේ මේ සීයට එයාගෙ යාලුවා විස්තර කරපු ජනේලෙන් පේන සුන්දර ලෝකෙ බලන්න ඕනෙ උනා... ඉතින් එයා හිමීට, අමාරුවෙන් නැගිටල කොහොම හරි ජනේලෙ ලඟ හිටගෙන එළිය බැලුව... එත් පුදුමෙකට එයාට ජනේලෙන් පෙනුනෙ හිස් තාප්පයක් විතරයි... සීයට මේ කිසි දෙයක් තෙරුම් ගන්න බැරි වුනා... එයා හෙදියට කතා කලා... හෙදියගෙන් ඇහුවා "මට මගේ යාලුවා එයා මේ ජනේලෙන් පේන ලස්සන දේවල් විස්තර කලා, ඒ කොහොමද? එයා කොහෙන්ද එහෙම දේවල් දැක්කෙ??? "


හෙදිය ජනේලෙ දිහා බලාගෙන උත්තර දුන්නා, " අනේ සීයේ, ඒ සීය අන්දයිනෙ, එයාට අඩුම තරමෙන් මේ තාප්පෙවත් පෙනුනෙ නෑ... ඔයාව සතුටු කරන්න, ඔයාගේ හිත හදන්න ඒ හැම දෙයක්ම එයා හිතෙන් මවාගෙන ඔයාට විස්තර කරන්න ඇත්තෙ"...


epilogue :- "තමන්ගේ දුක අමතක කරලා තවත් කෙනෙක් සතුටු කරන එක ලොකුම සතුටයි"




දුක බෙදාගත්තම දුක අඩුවෙන් දැනෙන්නෙ... සතුට බෙදාගත්තම, සතුට දෙගුන වෙලා දැනෙනවා... ඔයාට ඔයා පොහොසතෙක් කියලා දැනෙන්න ඕනෙ නම්... ඔයා ලඟ තියෙන, සල්ලි වලට ගන්න බැරි දේවල් කොච්චරක් තියනවද කියල ගනන් කරල බලන්න.... : )


මම නම් ගොඩාක් පොහොසත්... :)

~kushi~